අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය චීනයේ සංචාරයක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2025 ඔක්තෝබර් 12 සිට 15 දක්වා චීනයේ සංචාරයකට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.​මෙම සංචාරය, “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ හමුව” සඳහා සහභාගී වීම පිණිසයි. චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය (UN Women) විසින් ඒකාබද්ධව සංවිධානය කරන මෙම හමුවේදී “One Shared Future: New & Accelerated Process for Women’s All-round Development” (එක්වූ හෙටක්: කාන්තාවන්ගේ සර්ව සම්පූර්ණ සංවර්ධනය සඳහා වූ නව සහ කඩිනම් ක්‍රියාවලිය) යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය දේශනයක් ද, පැවැත්වීමට නියමිතය.​මීට අමතරව, අග්‍රාමාත්‍යවරිය ; චීන ජනාධිපති ෂී ජින්පිං සහ අග්‍රාමාත්‍ය ලී ක්චියාං ඇතුළු ඉහළ මට්ටමේ නායකයින් කිහිප දෙනෙකු සමඟ ද, හමුවීම් පැවැත්වීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *