අගමැති හරිනි අමරසූරිය දිවයිනට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නිමා කරමින් ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණි බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිලධාරීන් තහවුරු කරයි.​අගමැතිනිය මෙම සංචාරය සඳහා NDTV මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා නවදිල්ලියට ගොස් තිබුණි.​මෙම සංචාරය සඳහා ඇය සමඟ තවත් නිලධාරීන් දෙදෙනෙකු සහභාගී වූ අතර, නියෝජිත පිරිස ඊයේ රාත්‍රී 10:10 ට නවදිල්ලියේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *