අඟුලාන මහල් නිවාස සංකීර්ණයකදී තරුණියක් ඝාතනය කෙරේ: සැකකරු සොයා මෙහෙයුම්!

අඟුලාන පොලිස් වසමට අයත් මහල් නිවාස සංකීර්ණයක් තුළදී පසුගිය අඟහරුවාදා සිදු වූ පහරදීමකින් 24 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ‘සයුරපුර’ මහල් නිවාස සංකීර්ණයෙන් වන අතර, මූලික විමර්ශනවලට අනුව ඇයගේ අනියම් සහකරු ලෙස සැක කෙරෙන පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව අනාවරණය වී තිබේ.​මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කුඩාවස්කඩුව, වඩදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ප්‍රහාරයෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඇය මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *