කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින අඩු මට්ටමේ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ. ඒ අනුව, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක් පමණ වන තද වැසි ඇතිවීමට ද ඉඩ ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදෑසන කාලයේදී ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමට ද ඉඩ ඇත. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සුළං ඊසාන දෙසින් හමා එන අතර වේගය පැයට කිලෝමීටර් 20-30 කි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකිය. ත්‍රිකුණාමලයේ සිට පුත්තලම දක්වා කන්කසන්තුරය සහ මන්නාරම හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් පවතිනු ඇත. ගාල්ලේ සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශවල තරංගවල උස මීටර් 2.0 – 2.5 ක් පමණ දක්වා ඉහළ යා හැක (මෙය ගොඩබිම් ප්‍රදේශ සඳහා නොවේ). ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් ද අපේක්ෂා කළ හැකිය.
- Home
- Uncategorized
- අඩු පීඩන කලාපයේ බලපෑම: උතුරට හා නැගෙනහිරට මි.මී. 100 දක්වා තද වැසි!























