2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර සැමරීම වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ඉසුරු සවිය නමැති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයා වන ප්‍රියන්ත කුමාර මායාදුන්නේ ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (30) නියෝග කළාය.
අප ප්‍රතික්ෂේප කිරීමට කාරණා ඉදිරිපත් වී නැහැ.රුපියල් ලක් දෙකක ශරිර ඇප මත මුදා හරින ලෙස
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිටපු අතිරේක ලේකම් වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරිය මෙම නියෝගය සිදු කළේය.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රවාහන පහසුකම් සදහා වෙන් කළ මුදලක් ද යන්න මෙහිදී විමසා සිටි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවාහන පහසුකම් සදහා වෙන් කර තිබූ මූදල් බව කියා සිටියේය.
එම උත්සවයට ප්‍රවාහන සැපයුම් භාරව සිටි නිලධාරියාගේ මව මියයාම හේතුවෙන් සැකකාර අතිරේක ලේකම් වරයා එම ප්‍රවාහන පහසුකම් සපයා ඇතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එම මුදල් එවකට සිටි සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ලේකම් වරයෙකුට ලබා දූන් බව සැකකාර අතිරේක ලේකම් වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සදහන් බව පොලීසිය කීවේය.
සැකකර අතිරිකරේකම්වරයාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපතිවරයාව ලබාදුන් උපදෙස් ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි