හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ පෙනී සිටියේ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.කෘෂිකාර්මික රැකියා සඳහා කම්කරුවන් ඊශ්‍රායලයට යැවීමේ පෙර පැවති රජයේ වැඩසටහනේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව නානායක්කාර මහතාට කැඳවීමක් ලැබී තිබුණා.ඊයේ (ඔක්තෝබර් 14) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, අල්ලස් කොමිසම විසින් තමා අත්අඩංගුවට ගතහොත් ආරක්ෂාව පතා හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම (anticipatory bail) ප්‍රතික්ෂේප කළා