අද දහවල් 1න් පසු ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද දහවල් 1.00 න් පසුව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.​මේ අතර, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළං ඊසාන දෙසින් හෝ විචල්‍ය දිශාවලින් හමන අතර, වේගය පැයට කිලෝමීටර 20-30 කි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට සුළං වේගය පැයට කිලෝමීටර 40 දක්වා වැඩිවිය හැක. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ වන අතර දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 836

Leave A Reply

Your email address will not be published. Required fields are marked *