උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 1.00 න් පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර පමණ වන තරමක තද සුළං විටින් විට අපේක්ෂා කළ හැක. උදෑසන කාලයේදී සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























