අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. මීට අමතරව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, හලාවත සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළඟ ගිනිකොන දෙසින් හෝ දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 20-30 ක වේගයෙන් හමා යන අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක් ගනී. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ස්වභාවයක් පැවතිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,055

Leave A Reply

Your email address will not be published. Required fields are marked *