අද රුපියල සුළු වශයෙන් පහළට: ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යයි!

පසුගිය බදාදා දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 19) දිනයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට එදිරිව සුළු වශයෙන් අගය අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.48 සිට රුපියල් 305.63 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල ද රුපියල් 313.02 සිට රුපියල් 313.14 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් ප්‍රධාන විදේශීය මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව මහ බැංකු දත්ත වාර්තා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *