අද සිදු කළ සංගණනය කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අනාගතයට ප්‍රයෝජනවත් වේවි..

රාජගිරිය ජන ජය සිටි ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සාකච්චාවක් අද පස්වරුවේ පැවැත්වී තිබුණා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ අදාල බිල්ඩිමේ ආයෝජකයන් සහ කඩ හිමියන් අතරයි.*

එම සාකච්චාවෙන් පසු අදාල ජන ජය සිටි ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැමිණියා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පල කලා
…………………………
කෝට්ටෙ නගර සභාවට අයිති රාජගිරිය ජන ජය සිටි එක සහ ආයෝජනය සහ බදු ගිවිසුම් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.මේකේ ඇස්තමේන්තු පිලිබද ගැටලු තිබෙනවා.නීතිය ඉදිරියේ පිලිගන්න බැරි ගිවිසුම් කඩ හිමියන්ට දී තිබෙනවා.මේකේ නඩත්තු කටයුතු කරගන්න බැරි තත්වයක් ඇවිත් තිබෙනවා.මේ ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා.ඒ නිසා මෙහි ආයෝජනය කල ආයෝජකයන් එක්ක සාකච්චා කලා.
කඩ එකසිය ගනනක් හිස්ව තිබෙනවා.
මේක රාජගිරියේ තිබෙන දැවැන්ත සුදු අලියෙක්.ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස මම සහභාගී උනා.
ව්‍යාපාරික සැලැස්මක් මේ ගොඩනැගිල්ලේ නෑ

මේක නගර සභාවට හරියට පවරලත් නෑ.මෙවැනි දැවැන්ත ආයෝජනයක් මේ ආකාරයට ගොඩනැගුවේ ඇයි කියලා ප්‍රශ්නයක් තිබෙනවා.

මේ ඉදිරිපිට තිබෙන වැලිකඩ ප්ලාසා එකත් ජනතා මුදල් අවභවිතා කිරීමක්.

මේක නගර සභාවට අයිති ඉඩමක්.මුලින් එකග වෙලා තිබෙන්නේ නගර සභාවට කොටසක් ලෙස.

මේ බිල්ඩිම හදපු කොන්ත්‍රාත්කරුට තව විශාල මුදලක් ගෙවන්න තිබෙනවා.

නම් දාලා හදපු මහජන මුදල් අවභාවිතා කල වැඩක්.

තවද අද දින පැවැති සත්ව සංගනනය සම්බන්ධයෙන් ද අදහස් පල කලා,

ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බධයෙන් අදහස් පල කලා.

චතුරංග ඇමතිතුමාගේ මාධ්‍ය ආවරණයෙන් පසුව එන ජයය සිටි වෙළඳ සංකීර්ණයේදී එහි කඩහිමියෙක් මධ්‍ය වේදීන්ට පහර දීමට උත්සාහ කළා ඔහු උත්සාහ කළේ අනවශ්‍ය ලෙස මාධ්‍යවේදීන් ගැටුමකට පත් කර ගනිමින් නියෝජ්‍ය අමාත්‍යවරයාටද අවලාදද නැගීමටයි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *