අදත් ප්‍රදේශ රැසකට තද වැසි….

දකුණු,  සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලට සහ අම්පාර දිස්ත්‍රික්කයට මිලිමීටර 50 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලටත්, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්  දෙයි.

මේ අතර හත්තිකුච්චි, කලංකුට්ටිය, හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව, හබරණ යන ප්‍රදේශවලට අද දහවල් 12 යි 11 ට හිරු මුදුන් වේ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *