අධ්‍යයන කටයුතු යළි අරඹයි: උසස් පෙළ විභාගය ගැන නව තීරණයක්!

අඛණ්ඩව පැවති ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි මාසයේ පළමු සතිය තුළ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කර තිබේ. දැනටමත් සියලු විභාග කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබුණි.​මේ අතර, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් නොවූ අධ්‍යාපන ආයතන යළි ආරම්භ කිරීම පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත. ඒ අනුව, විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිතය.​තවද, ආපදාවට ලක් නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පිහිටි පාසල් ආරම්භ කිරීමේ දිනයද නිවේදනය කර ඇත. එම පාසල් දෙසැම්බර් මස 16 වන දින සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *