අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එල්ල වන විවේචන ද්වේශසහගතයි: අගමැතිනි හරිනිගෙන් විපක්ෂයට පිළිතුරු!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයට පහර දීම සඳහා ඇතැම් කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන විපක්ෂයේ සාමාජිකයන් ඒ පිළිබඳව දැඩි ලෙස කල්පනා කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විශේෂයෙන්ම මොඩියුල කවරවල ඇති දේදුන්නක වර්ණ භාවිතය සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු ලබා දෙමිනි. මොඩියුල කවරයක දේදුන්නක් නිරූපණය කර තිබීම ගැන එල්ල වන මෙවැනි ප්‍රකාශ තේරුම් ගත නොහැකි බවත්, මේවා නිර්මාණාත්මක විවේචන නොව ඉතා ද්වේශසහගත සහ පහත් පෙළේ දේශපාලන ප්‍රකාශ බවත් ඇය අවධාරණය කළාය.​මෙම විවේචනවලට අධ්‍යාපනය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දේශපාලන වාසි තකා විපක්ෂය අත්වැල් බැඳගෙන සිටින කණ්ඩායම් පිළිබඳවත්, එමඟින් තමන්ටම සිදුවිය හැකි හානිය පිළිබඳවත් විපක්ෂය නැවත සිතා බැලිය යුතු බව පැවසුවාය. මෙවැනි දේශපාලන රටාවන් 2024 සහ 2025 වසරවල පැවති මැතිවරණ තුනකදීම මෙරට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව ඇය මතක් කර දුන්නාය. කෙසේ වෙතත්, රජය සැමවිටම නිර්මාණාත්මක විවේචන සඳහා විවෘත බවත්, අදාළ කරුණු සම්බන්ධයෙන් රජය සංවේදීව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *