අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවයි

රට පුරා පවතින දැඩි කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (නොවැම්බර් 28) අලුයම 6.00 සිට සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අඛණ්ඩ දැඩි වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග ඔස්සේ නායයෑම්, ගංවතුර සහ ගස් කඩා වැටීමේ අවදානම ඉහළ යාම නිසා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්වෝපායන පියවරක් ලෙස මෙම තීරණය ගත් බව අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) චන්ද්‍රසේන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *