ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීම්වලින් බහුතරයකට හේතුව අනතුරු බවත්, ඒවායින් බොහොමයක් වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.මෙවැනි අනතුරු අවම කිරීමෙන් ජාතික සෞඛ්‍ය පද්ධතියට මෙන්ම රටේ ආර්ථිකයටද විශාල ප්‍රතිලාභ ලැබෙන බව ඔහු පැවසීය.ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පෙරවරුවේ (12) පැවති විශේෂ මහජන දැනුවත් කිරීමේ පා ගමනකදී ය.වෛද්‍ය ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ ප්‍රජාව දැනුවත් කිරීම සහ අනතුරුවලට ලක්වූවන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවය ඇගයීමට ලක් කිරීමයි.මෙම පා ගමන කොළඹ ජාතික රෝහලෙන් ආරම්භ වී, විහාරමහා දේවී උද්‍යානය හරහා ගමන් කර, නිදහස් චතුරස්‍රයෙන් අවසන් විය.එහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජයතිස්ස මහතා, රට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබද්දී, සියලුම අංශ හරහා අනතුරු වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවිය යුතු බව අවධාරණය කළේය.මහජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වය තුළින් අනතුරු සංඛ්‍යාව අඩු කර රෝහල් මත ඇති බර සැහැල්ලු කිරීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් බලාපොරොත්තු පළ කළේය.