අන්තර්ජාලය හරහා ජනප්‍රියව අලෙවි වූ ‘Hair Miracle’ (ග්‍රෑම් 250) නැමැති කෙස් කළඹ සත්කාරක නිෂ්පාදනයක් මඟින් මහජනතාව නොමඟ යවන සුළු තොරතුරු ඉදිරිපත් කිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) නීතිමය පියවර ගෙන ඇත. මෙම නිෂ්පාදනය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා ඇති බවට ලේබලයේ සඳහන් කර තිබුණද, විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම නිෂ්පාදන ඇසුරුමේ නිෂ්පාදකයාගේ ලිපිනය හෝ දුරකථන අංකයක් සඳහන් කර නොතිබූ අතර, එය ප්‍රධාන වශයෙන් අලෙවි කර තිබුණේ අන්තර්ජාල වෙළඳ පොළ හරහාය.කොළඹ 08, කාසල් වීදියේ පිහිටි අලෙවි ආයතනයට සහ වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන ආයතනයට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර, 2025 දෙසැම්බර් 23 වන දින එම සමාගම් දෙකම වරද පිළිගනු ලැබීය. ඒ අනුව එක් ආයතනයකට රුපියල් 40,000 බැගින් දඩ නියම කළ අධිකරණය, ලේබලයේ ඇති අසත්‍ය තොරතුරු ඉවත් කර එය නිවැරදි කරන ලෙසත්, ඒ පිළිබඳ ප්‍රගතිය 2026 ජනවාරි 20 වන දින අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය. පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ලේබලයේ ඇති තොරතුරු සහ අනුමැතීන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසයි.


























