අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොළඹ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක්..

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු ඇතුළු පිරිසකට අද කොළඹ රෝහල් චතුරස්‍රය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුල් වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

අද පැවැත්වෙන උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයකට පෙනී නොසිටින ලෙසට අයැදුම්කරුවන්ට බලපෑම් කරමින් විරෝධතා පැවැත්වීමේ සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම ඉල්ලීම කර තිබේ.

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති සහ ඔවුන්ගේ නියෝජිතයින් සඳහා එම නියෝගය ක්‍රියාත්මකයි.

ඒ අනුව ඔවුන්ට, අද පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කොළඹ රෝහල් චතුරස්‍රය හා අවට ප්‍රදේශ වල රැඳී සිටීම තහනම් ය.

අද පැවැත්වෙන්නේ, පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු පාඨමාලා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයයි.

What's your reaction?

Related Posts

1 of 713

Leave A Reply

Your email address will not be published. Required fields are marked *