අනීතික අත්අඩංගුවට ගැනීමක්… වහාම නිදහස් කරන්න… නැතිනම් හෙට බලාගමු

ගාල්ල බද්දේගම පොලිසිය විසින් අනීතික අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා.

එම කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් මේ සම්බන්ධයෙන් ”ගගන කරන්ට් ඇෆයාර්ස් ” වෙත අදහස් දක්වමින් කියා සිටියා. බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මිකගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.

රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාව පොලිසිය විසින් රැගෙන ගොස් ඇති අතර ඔවුන් පසුපසින් ගමන් කළ අදාළ සැකකරුගේ බිරිඳ සහ ඥාතියෙකු පොලිසිය විසින් අනිතක ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදෙස් නන්දිමාල් කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 692

Leave A Reply

Your email address will not be published. Required fields are marked *