අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වැඩවර්ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වැඩවර්ජනය අවසන් කරන්නැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍යා නලින්ද ජයතිස්ස මහතා (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“පැය 36ක් යන්න කලින් අපි සැකකරු අත්අඩංගුවට ගත්තා. කණ්ඩායම් 5ක් පරීක්ෂණ සිදුකළා. ඊයේ රාත්‍රියේදී තොරතුරු ලැබුණා. සැකකරු ඉන්න ප්‍රදේශය ගැන. ඒ අනුව පරීක්ෂණ සිදුකරලා අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා. දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා.

සමාජ මාධ්‍යවලින් වගේම මාධ්‍යවලින් රජයක් හැටියට අපි ඉල්ලීමක් කළා. අනන්‍යතාව හෙළි කරන්න එපා කියලා. මාධ්‍ය ඒ වගකීම ඒ විදියටම ඉටු කළා. ඒකට මම ස්තූතිවන්ත වෙනවා. කිසිම මාධ්‍යයක් අනන්‍යතාව හෙළිකරලා තිබුණේ නැහැ. ඉදිරියටත් ඒ විදියටම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

“අද උදෑසන මම අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා. එහි සේවකයින් බියෙන් තැතිගැන්විලා ඉන්නේ මේ සිද්ධියත් එක්ක. අපි සැලසුම් කරලා තියෙනවා ආරක්ෂක කටයුතු ඉදිරියට ගැටලුවකින් තොරව සිදුකරගෙන යන්න.

. අනුරාධපුර වගේ ප්‍රදේශයකට යන වෛද්‍යවරුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් ලොකු කැපකිරීමක් කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා.. ඉදිරියේදී ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *