අප්‍රේල් මාසයේ ඉන්ධන සැපයුම සහ QR සහනය පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

ලබන අප්‍රේල් මාසය තුළ පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකා 12ක් දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා නිවේදනය කරයි. නියමිත කාලසටහනට අනුව මෙම නෞකා මෙරටට පැමිණෙන බැවින්, රට තුළ පවතින ඉන්ධන සංචිත පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවත්, කිසිදු හිඟයකින් තොරව අවශ්‍ය තොග පවත්වාගෙන යන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.​විශේෂයෙන්ම උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින්, අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 18 වනදා දක්වා පෙට්‍රල් භාවිත කරන වාහන සඳහා QR කේතය ඉදිරිපත් කිරීමකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. මෙය තාවකාලිකව ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙළක් වන අතර, එම කාලසීමාව තුළ QR කේත භාවිතයෙන් තොරව අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මහජනතාවට හැකියාව පවතී.​කෙසේ වෙතත්, ඉන්ධන නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක වන අංක තහඩුවේ “ඔත්තේ සහ ඉරට්ටේ” ක්‍රමවේදයෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව පාලනාධිකාරිය සිහිපත් කර සිටී. ඒ අනුව, අදාළ දිනවලට නියමිත වාහන අංක අනුව පිරවුම්හල් වෙත පැමිණ පෝලිම් පාලනය කරමින් සහනදායී ලෙස ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,091

Leave A Reply

Your email address will not be published. Required fields are marked *