මෝල් හිමියන් සංදර්පනය කරන මිලක් තමා ප්‍රකාශ කලේ දැන් ගොවි ජනතාවට ඔප්පු කරලා ඉවරයි රජය ඉන්නේ මෝල් හිමියන් එක්ක කියලා
සහතික මිල කියන්න කන්දක් තරම් විලි ලෑවා එහෙම කරලා සොච්චම් මිලක් දුන්නා ඊයේ මාධ්‍ය හමුව තියලා මාධ්‍යට රැකියාව කියලා දෙන්න ගියා අපි ඒක හෙලා දකිනවා
මීට කලින් සමස්ත ලංකා ගොවිජන නායකයා විදිහට පෙනී සිටියේ 150ක් ඉල්ලලා අද එතුමාගේ ආණ්ඩුවේ ඒ දේ කර ගන්න බැරි වෙලා තියෙනවා ගෝවා ගෙඩිය වගේ මුහුණ තියාගෙන බුලත් විටත් වී මිලට එකතු කරනවා කියලා කියනවා
ගොවියා හූරන් කන එක පේන්නේ නෑ ඇමති සූට් එක දාගත්තාම එතුමා දකින්නේ මේ ඔක්කොම වෙන්නේ බුලත් කන එක නිසා වගේ අපි ගාන හදලා කියන්නම් හරියට උන්නෑහෑලට
සීසහන්න 22000 බිත්තර වී වැඩ කුලි පොහොර බන්ඩි පොහොර කැපුම් කුලී වැඩ කුලිය වේලන්න ආහාර ප්‍රවාහන මේ ඔක්කොම අක්කරයක් වගා කරන්න ලක්ශ එකාහමාරක වියදමක් යනවා
බුසල් 100ක් සාමාන්‍යයෙන් ගන්නවා අක්කරයකින් ගෙදර භාවිතයට බුසල් 20ක් ගත්තාම 80යි විකුනන්න වෙන්නේ ඒක විකුනලා ගන්න මුදලින් මේ වියදම අඩු කරාම රුපියල් හැට දාස් ගානයි ඉතුරු වෙන්නේ කොහොමද ගොවියා ජිවත් වෙන්නේ
ඊට පස්සේ ණය අරගෙන විට කන්න වෙන්නේ නෑ වස බොන්න වෙන්නේ බැංකු වල අය ඇවිලා ගේ ඉස්සරහට වෙලා ඉන්නවා මේවට උත්තර දෙන්න ඕනේ මාධ්‍ය ප්‍රශ්න හරියටම ඇහුවා
අර්තාපල් ගොවියගේ අස්වැන්න එන්න පටන් අරන් තියෙනවා පසු ගිය කාලේ ගං වතුර ඇවිලා විනාශවෙලා තියෙනවා ඒවට සාධාරණ මිලක් දෙන්න බෑ මේ ආණ්ඩුවට ඇමතිලට කට උත්තර නෑ ඒ තියෙද්දි රටින් ගෙන්වනවා වී වලටත් ඔය ටිකම තමා අද ගජ මිතුරන් සනසමින් ඉන්නවා මේ ආණ්ඩුවත්
දේශගුන විපර්යාස නිසා අස්වැන්න අඩු වෙලා තියෙනවා ඒවට විසදුම් නෑ ගජ මිතුරන් සන්තාපනය කරලා ඉන්නවා මේ ජනවරම ලාබා ගත්තේ මේ ජනතාවගේ චන්ද වලින් ඒ නිසා හොද කෘෂි ප්‍රතිපත්තික් සදහා යන්න ඕනේ