අපි පුටුවෙන් එනවා – ලසන්ත අලගියවන්න

ඉදිරි සියලු මැතිවරණ සඳහා පුටුව ලකුනින් තරග කරන්න තීරණය කල බව ලසන්ත අලගියවන්න පවසනවා

මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්


අපි ඉදිරි සියලු මැතිවරණ සඳහා පුටුව ලකුනින් තරග කරන්න තීරණය කරා

මේ වන විට පොට්ටුවෙ ඉඳලා ආණ්ඩුවට ගියා 30 ක් විතර ඉන්නවා

අපේ මතය කෙසේ වෙතත් ජනතාවගේ ප්‍රශ්න විසඳිලා නෑ

මෙය ආණ්ඩුව දිගට කරන්න යන්නේ ජාත්‍යාන්තර ආණ්ඩුව එක්ක කලින් ගියා වගේ යන නිසා

මැතිවරණයට කලින් කිව්වෙ උපයන විට බද්ද ඉවත් කරනවා වගේ ප්‍රකාශයක්. නමුත්බත්ද ඉවත් කිරීමක් සිද්ධ කරේ නෑ

සංශෝධනයක් කරේ අපි ඒ ගැන සතුටු වෙනවා ඒකෙන් මිලියන හැටක් හැත්තෑවක් රජයට අහිමි වෙනවා

යම් පාර්ශ්වයකට සහන ලබාදීලා තියෙනවා තවත් පාර්ශවයකට කලින් තිබුනට වඩා වැඩි කරල තියෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවෙලේම ඉන්දියාව සමග ඉතාමත් කිට්ටුවෙන් සුහදශීලීව කිට්ටුවෙන් කටයුතු කරා

ජනාධිපති ඉන්දියාව සමඟ සාකච්ඡා කරලා තියෙනවා ඒ සාකච්ඡාවලදී රටට යහපත් දේවල් ඉටු කරගන්නවනම් හොඳයි

නමුත් මැතිවරයට කලින් කියපු දේවල් නෙමෙයි අද කරන්නේ

යෝගට් වලට විතරක් වැට් බද්ද අඩු කරනවා කියලා කිව්වෙ නෑනේ

පාසල් උපකරණ වලට වැට් අඩු කරයි කියලා බලන් හිටියා අඩු කරේ නෑ

ජනතාවට විශාල ලොකු පොරොන්දු ලබා දුන්නා

රටේ තියෙන තත්වය බලලා නියාමනය කරන්න ඕන මිල පාලනයටයට වඩා

ගොවි ජනතාව අරන් එන්නේ වේලපු වී නෙමෙයි”

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *