මාර්තු 08වැනි දිනට යෙදෙන ‘ජාත්‍යන්තර කාන්තා දිනය’ නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ කාන්තා දින සැමරුමට ද සමගාමී ව දෘෂ්‍යාබාධිත ජාතික සංගමයේ සහ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තා සංදයේ කොඩි පැළඳවීම නිල වශයෙන් ආරම්භ කිරීම 2025/03/08වන දින අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේනතුවේ කාරක සභා කාමර අංක 02හි දී පැවැත්විණි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ “සියලු ම කාන්තාවන් හා ගැහැණු දරුවන් සදහා අයිතිවාසිකම්, සමානාත්මතාව හා සවිමත් කිරීම” යන්න වන අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ තේමාව බවට පත්වන්නේ “තැනුමට තිරසර හෙටක්-සවිමත් ඇය වේ මඟක්” යන්න ය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය,
ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ සියලු ම ගැහැණුන් සමරන දිනය. විවිධ තැන්වල හිටියත් විවිධ කාර්ය භාර්යය කරන අතර අරගලයේ යෙදෙන එම ගැහැණුන් සමරන දිනය.
දෘෂාබාධිත කාන්තාවන් හැටියටත් ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන කාන්තාවන් හැටියටත් මේ රට තුළ ඔබ දිනපතා අරගලයක යෙදෙනවා. ඒ අරගලයේ යෙදෙන්නේ වෙන කිසිවක් වෙනුවෙන් නොවෙයි ඔබගේ ජීවිතය සමාජයේ අනෙක් මිනිසුන් ගැහැණුන් වගේ ම ගෙන යාම වෙනුවෙන් සිදු කරන අරගලය යි. එය දිනපතා කෙරෙන්නක්. ඔබේ එදිනෙදා කටයුතු කරගෙන යන්නට, වෘත්තිය ආරක්ෂාකර ගන්නට, ඔබේ සුරක්ෂිතභාවය ලබාගන්නට ඔබ අරගලයක යෙදෙනවා. ඒ කිසි දෙයක් නිසා නොවෙයි අපේ සමාජයේ තියෙන දුර්වලකම් නිසා. සමාජය ආබාධිත වීම නිසා තමයි, අපේ ප්‍රජාව ආබාධිත නිසා තමයි ඔබට ඒ අරගලයක නියැලෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ.
ඒ අරගලය අපි හඳුනාගෙන තිබෙන්නේ. ඊට ගරුත්වයක් එක් කිරීමට තමයි අපි අද මේ ඉතා ම කුඩා විදියට වුණත් ඔබත් සම්බන්ධ කරගෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට කටයුතු කරන්නේ. මෙයින් ඔබේ ජීවිත හෙට වෙද්දි වෙනස් වන්නේ නැහැ. නමුත් ඔබට මෙයින් ලැබෙන අවස්ථාව තුළින් රටට පණිවුඩයක් ලබා දෙනවා ගැහැණු විදියට අපිත් මේ අරගලයේ නියැලිලා ඉන්නවා කියන එක පිළිබඳව. අපිටත් හඬක් තිබෙනවා යැයි කියන එක පිළිබඳව.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
ඒවගේ ම මේ සමාජයේ තිබෙන ආබාධිත බව නැති කරන්නට අපි මැදිහත්විය යුතු යි කියන පණිවුඩයත් සියලු ම කාන්තාවනට ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි මේ කරන දේ සාර්ථකයි.
“අපි මන්ත්‍රීවරියන් හැටියට ඔබවත් නියෝජනය කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ හඬ නියෝජනය නියෝජනය කිරීම අපි සිදු කරනවා. ඒ අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුවක් හැටියට අපි කළ යුතු දේ පිළිබඳවත් ඉතාමත් ම බැරෑරුම් ලෙස හිතලා ඒ වෙනුවෙන් මැදිහත්වෙනවා.” කියන පණිවුඩය මම ලබා දෙනවා. යනුවෙන් ද පැවසී ය.
මෙම අවස්ථාව සඳහානියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කාන්තා හා ළමා කටයුතු ඇමතිනිී සරෝජිනී සෙල්වරාජ්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංසදයේ මන්ත්‍රිවරියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, සහකාර මහලේකම් හංස අබේරත්න, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපතිනි එච්.ජේ. නිල්මිණි, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තා සම්මේලනයේ සභාපතිනි ශාරිකා රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එක්වූහ.