අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල,අප්‍රේල් අවසන් වීමට පෙර..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.

එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවූයේ නැත.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක්. 

What's your reaction?

Related Posts

1 of 754

Leave A Reply

Your email address will not be published. Required fields are marked *