නව වසරට ආසිරිපැදීමත් නාහිමියන්ගේ ජන්ම දිනය සැමරීමත් උදෙසා පින්කම් රැසක්..
මාබොදල බොදු මඟ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 110 ක සඟ ගත දක්ෂිණාවක් .
දිවුලපිටිය මාබෝදල බොදුමග ශ්‍රී වීරරත්න සේනාසන මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා එකසිය දස නමක් එක් වූ සංඝගත දක්ෂිණා මහා පින්කමක් පැවැත්වුණා.
මහා විහාර වංශික අමරපුර මහානිකායේ සිරිසුමන පාර්ශවයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මහාධම්ම රාජාධි රාජගුරු සිරිසුමන වංශා ලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය කරාපිටියේ සුමිත්ත නාහිමියන්ගේ. පනස් වෙනි ජන්ම දිනය සැමරීම සහ නව වසරට ආශිර්වාද කිරීම අරමුණු කර ගනිමින් මෙම පින්කම සංවිධානය කර තිබුණා.
රමණීය පරිසරයක පිහිටා ඇති බුදුමග ශ්‍රී වීරරතන සේනාසන මහාවිහාරයට දර්ශනීය අලංකාර පෙරහරකින් සංඝයා වහන්සේලා වැඩමවනු ලැබුවා.
මහා විහාර වංශික ෂාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ හාපිටිගම් අලුත් කෝරළයේ ප්‍රධාන සංඝනායක යටගම උදය ධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ පින්කමෙහි මුලසුන හෙබවූවා.
විහාරස්ථ දායක සභාව මෙය සංවිධානය කළ අතර..
ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන් විශාල පිරිසක් මෙම පින්කම සමග එක්වුණා..