අයහපත් කාලගුණයෙන් දහම් පාසල් විභාගය කල් යයි!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා අනුව, මෙම විභාගය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට මුලින් නියමිතව තිබුණි. විභාගය කල් දැමීමට සිදුවූ බව දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේය.​මෙම විභාගය දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329ක ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි. ඒ අනුව, විභාග මධ්‍යස්ථාන 3,389කදී දහම් පාසල් දූ දරුවන් 6,90,563ක් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණි.​බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, විභාගය පවත්වන නව දිනය පසුව දැනුම් දෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *