අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ධාවන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන්ම, ගස් කඩා වැටීම් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබේ. එමෙන්ම, උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව ප්‍රදේශය ජලයෙන් යටවීම සහ පුත්තලම දුම්රිය මාර්ගය අවහිරවීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවන කටයුතුද අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​මීට අමතරව, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන සියලුම දුම්රිය, නැවත දැනුම් දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි. දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් පිළිබඳව මගීන් විමසිලිමත් වන ලෙසද දැනුම් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 865

Leave A Reply

Your email address will not be published. Required fields are marked *