අරලගංවිල පොලිස් වසමට අයත් කන්දේගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබූ වතුර පිරුණු වළකට වැටීමෙන් වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (දෙසැම්බර් 20) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් පසු, දරුවා කඩිනමින් අරලගංවිල රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත් ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව පොලිසිය පවසයි.මියගිය දරුවා කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට දේහය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


























