ඔක්තෝබර් 25 වන දින අරුගම් බේ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සොයා ගැනීමට මහජන සහය පතන බව පොතුවිල් පොලිසිය දැනුම් දෙයි. ශ්‍රී ලාංකිකයෙකු විසින් විදේශීය කාන්තා සංචාරකවරියකට ලිංගික අතවර කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රිය ධාවනය කරමින් සිටි ඇය ත්‍රිරෝද රථය නැවැත්වීමෙන් පසු සැකකරු ඇය හමුවට පැමිණ ඇතැයි වාර්තා වේ. වීඩියෝවෙහි, එම පුද්ගලයා සිය ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කරමින් ඇයට ලිංගික හිරිහැර කිරීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකිය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සංචාරකවරිය බිය සහ කම්පනය පළ කරන අයුරු ඇසී ඇත. ඇය සිය සංචාරය අතරතුර අවට පරිසරය පටිගත කරමින් සිට ඇති අතර, මෙම සිදුවීම ද කැමරාවේ සටහන් වී තිබේ. “ශ්‍රී ලංකාව කරුණාවන්ත මිනිසුන් සිටින ඉතා සුන්දර ස්ථානයක්, නමුත් මේ වගේ දෙයක් සිදු වූ පසු, මම මගේ ඉතිරි සංචාරය පුරාම බියෙන් සිටින්නට සිදුවේ,” යැයි ඇය පවසා ඇත. මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු ඇති ඕනෑම අයෙකුට 063 2248022 ඔස්සේ පොතුවිල් පොලිස් ස්ථානයට හෝ 071 8591168 ඔස්සේ පොතුවිල් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

























