2025.02.23 වන දින සවස ලද තොරතුරක් මත
රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් විගසින් ගින්න පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ගින්න පැතිරෙන ස්ථානයට ලගාවිී තිබේ.
ගිනි තැබූ සැකකරුවන් ලෙස හඳුනාගෙන අල්ලාගෙන රඳවාගත් පුද්ගලයින් සත් දෙනෙක් ප්‍රදේශවාසින් විසින් එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් වෙත භාර දී ඇති අතර නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එකමුතුව යුහුසුළුව විශාල ව්‍යසනයක් වීමට තිබූ ගින්න පැතිරීමට නොදී මැඩපවත්වාගැනීමට සමත් වී ඇත.
සැකකරුවන් පිළිබඳ විමර්ශනයේදී ඔවුන් කඩුගන්නාව, පිලිමතලාව , හන්දෙස්ස හා බලන ප්‍රදේශවල පදිංචිව සිටින මෙදින රක්ෂිතයට අයුතු ලෙස ඇතුලු වී ගිනි තැබීම සිදුකළ අයවළුන් බව අනාවරණය වී ඇත.
සියලු දෙනා අවුරුදු 18 සහ 19 අතර වයසේ පසුවන්නන්ය.