අලව්වේදී යතුරුපැදිකරුවෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අලව්ව පොලිස් වසමට අයත් ගොඩකුරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කරයි. ජනවාරි 17 වනදා රාත්‍රියේ විල්ගමුව-මොරවලපිටිය මාර්ගයේ යතුරුපැදියක් අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, එම ස්ථානයේදීම ඔහු මියගොස් සිටි බව සොයාගෙන ඇත.​ජනවාරි 18 වනදා සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සහ අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාරම්මල පොලිස් වසමේ මතිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.​මළ සිරුර මේ වන විට කුරුණෑගල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය සහ කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 968

Leave A Reply

Your email address will not be published. Required fields are marked *