අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය කැඳවුම්කරු කාමන්ත තුෂාර අද දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා

මියන්මාරයෙන් මෙරට ට පැමිණ තිබෙන පිරිස් ඉදිරියේදී වැඩි වන්නට පුළුවන් බව ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා

සරණාගතයින් හැටියට මිනිස් ජාවාරම් ද ලෝකයේ සිදු කෙරෙනවා. එම නිසා අපි කියන්නේ මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතුයි

මෙම සරණාගතයින් රැගත් බෝට්ටුවට මොවුන්ව පිටත් කර යැවීමට මුදල් ලබා දී තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා

එසේ නම් ඔවුන් සරණාගතයින් නොවෙයි අතීතයේදීත් මෙවැනි විවිධ පිරිස් අපේ රටට පැමිණ නීත්‍යානුකූල ලිපි ලේඛන හදාගෙන මෙරට පදිංචි වී සිටිනවා

මෙම සරණාගතීන් යැයි බව පවසමින් මිනිස් ක්‍රියාවාරම ඉදිරියේදී වැඩිවන්නට පුළුවන් එම නිසා රජය ගත් තීරණයට අපි ආචාර කරනවා වහාම ඔවුන්ව නැවත පිටුවහල් කළ යුතුය

මුදුබර් රවුමාන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා අපි කියනවා ඔහු මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ ද කියලා ඔවුන් වෙනුවෙන් නිතරම පෙනී සිටින්නේ ඇයි?

මුජිබර් රවුමාන් මන්ත්‍රීවරයාගේ දුරකථන වාර්තා සහ ගිණුම් වාර්තා පරීක්ෂා කළ යුතුයි මීට පෙරත් මෙවැනි සංක්‍රමණිකයන් පිළිබඳ ඔහු අදහස් පල කර තිබෙනවා

මෙසේ පැමිණෙන සරණාගතයින්ට මුදලට අපගේ නිලධාරින් නීත්‍යානුකූල ලිපි ලේඛන හදා දෙනවා

අනාගතයේදී ජාතීන් අතර අසමගිය ඇතිවෙන්න බෙදීම් ඇතිවෙන්න මෙම සරණාගතයින් පැමිණීම බලපාන්නට පුළුවන්

එම නිසා අපි රජයට කියනවා වහාම ඔවුන්ව පිටත් කර යවන්න ඒ වගේම මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කරන්න

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *