අලි මිනිස් ගැටුම විසඳීමට මෙවර අයවැයෙන් වැඩි මුදලක්

අලිඇතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය පෙනී සිටිනබවත්, අලි මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවර අයවැයෙන් පසුගිය වසරවලට වඩා වැඩමුදලක් වෙන්කර ඇතැයි  පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද(21) පාර්ලිමේන්තුවේදි පැවසීය. පසුගිය වසරේ වනඅලි සංගණනයට අනුව, වන අලි 385ක් මියගොස් ඇතැයිද පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කළේය.


අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව පැවසීය.
අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස විදුලිවැට ඉදිකිරීම, අලිවෙඩි ,මුරපොළවල් ඉදිකිරීම, අලි මංකඩ හඳුනාගෙන අලින්ට සංක්‍රමණ අවස්ථා හඳුන්වා දීම, වාසස්ථාන හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ගවලට අමතරව විවිධ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා විවිධ පර්යේෂණ සිදුකරන බවද මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අලි ඇතුන් කියන්නේ ආරක්ෂා කළයුතු සත්ව කොටසක්. ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවන් හෝ අරාබියේ ඔටුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග අලිවෙනුවෙන් අනුගමනය කරන්න අපිට බැහැ.අලි සංරක්ෂණය වෙනුවෙන් අපි පෙනීසිටිනවා. මේ සඳහා ස්ථිර සහ වි විද්‍යානුකූල විසඳුමක් ලබා ගැනීමට විශාල මැදිහත්වීමක් කර ඇතැයිද පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *