අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොසෙන් සහන මිලට ආහාර පැකේජයක්

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සහන මිලට ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලබන 01 වැනි දා සිට 13 වැනි දා දක්වා නිකුත් කිරීමට තීරණය කර තිබේ.

දිවයින පුර පිහිටි ලංකා සතොස සහ කෝප්ෆෙඩ් අලෙවිසැල්වලින් මෙම ආහාර පැකේජය ලබාගත හැකියි.

ඒ අනුව රුපියල් 5000ක් වටිනා ආහාර මල්ලක් රුපියල් 2500ක් වැනි මුදලකට ලබාගත හැකි වනු ඇත.

ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස අතුරින් සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ට ද එය හිමිවනු ඇති. 

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *