එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට බාධාවකින් තොරව ගම්බිම් බලා යාම සඳහා අද (08) සිට අප්‍රේල් 20 දක්වා විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ප්‍රවාහන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ, අන්තර් පළාත් පුද්ගලික බස් රථ සඳහා දෛනිකව අමතර ගමන්වාර 800ක් පමණ එක් කර තිබේ. විශේෂයෙන්ම මාතර, බදුල්ල, නුවරඑළිය, මොණරාගල සහ ගාල්ල වැනි වැඩි ඉල්ලුමක් පවතින ගමනාන්ත වෙත අමතර බස් සහ දුම්රිය සේවා යෙදවීමට බලධාරීන් කටයුතු කර ඇත.මෙම උත්සව සමය තුළ කොළඹ සහ තදාසන්න නගරවලින් ලක්ෂ 15කට අධික මගීන් පිරිසක් ප්‍රවාහන පහසුකම් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ප්‍රධාන බස් සහ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රථමාධාර සේවා සහ ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර, මගීන්ගෙන් අයුතු ලෙස වැඩිපුර ගාස්තු අය කරන පිරිස් වැටලීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ජංගම පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායම් ද සේවයේ යොදවා සිටිති.ජනතාවට පවතින ගැටලු හෝ තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා විවෘත මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, 1955 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0712595555 යන WhatsApp අංකය ඔස්සේ ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. මගී සේවාවේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කරමින්, අවුරුදු නිවාඩුවෙන් පසු නැවත කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ද මෙම විශේෂ ප්‍රවාහන සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.





















