අවදානම ඉහලට… රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්…

චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ මහ ජනතාවට දැනුම්දෙයි.

වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ගහණයේ වැඩිවීමක් පවතින හෙයින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීමෙන් ”චිකුන්ගුන්යා” රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.

රටවල් 115ක පමණ ව්‍යාප්ත වී ඇති ”චිකුන්ගුන්යා” රෝගය මේ වනවිට ශ්‍රී ලංකාව තුළද පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට මෙරටින් ‘චිකුන්ගුන්යා’ රෝගීන් 190ක් වාර්තා වී ඇති අතර ඉන් 65ක් ‘චිකුන්ගුන්යා’ රෝගීන් බවට සායනිකව තහවුරු වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *