වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන් විසින් ජංගම දුරකථන (ස්මාර්ට්ෆෝන්) භාවිත කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කරන බව ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.සිසුන් සහභාගී වූ උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළ අතර, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ජංගම දුරකථන තබා ගැනීමට හෝ භාවිත කිරීමට අවසර නොලැබෙන බවට රජය සහතික වනු ඇති බවද ඇය කියා සිටියාය.
























