අවුරුද්දට ගමට ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ බස් සහ දුම්රිය සේවා අදත්

අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ සහ දුම්රිය යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා ඊයේ සිට ආරම්භ කළ බවයි.

ඊට අමතරව අද සහ හෙට යන දෙදින තුළ බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 8ක් ක්‍රියාත්මක ඔහු සඳහන් කළා.

එමෙන්ම‍ මගී අවශ්‍යතාව අනුව අද සිට විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් කියා සිටියේ.

පෞද්ගලික බස්රථ සියයට 50ක් පමණ අද (15) ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *