අවුරුද්දට ගමට යන්න ජනතාවට විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව තකා, ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙම විශේෂ දුම්රිය සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ලබන 11, 12 සහ 13 යන දිනවලදී කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලට විශේෂ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.

එසේම, අවුරුදු චාරිත්‍ර අවසන් කර නැවත කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18, 19 සහ 20 යන දිනවලදී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින්ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා ලබන 09 වැනිදා සිට අතිරේක බස් රථ 500ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *