අවුරුදු උදාවත් සමග විශේෂ ආරක්ෂක හා රථ වාහන වැඩපිළිවෙළක්..

අවුරුදු උදාවත් සමග මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සව ආශ්‍රිතව එම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල, කිරුළපන, හා බම්බලපිටිය යන ප්‍රදේශවල මෙන්ම ආගමික ස්ථාන ආශ්‍රිතව මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් හය දහසක් යොදවා තිබේ.

උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 35000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයිද පොලිසිය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *