උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ , සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 28,000 – 30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.
අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75 ත් 100 ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු සඳහන් කළේ ය.
