අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු ආරම්භ කෙරේ

අම්පාර දිස්ත්‍රික්කයේ  නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (21) ආරම්භ කෙරිණි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර සාර්ථක කර ගැනීම සඳහා පියවර ගණනාවක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හදුන්වාදුන් අතර, එහි අවසන් පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම්පත් යොමුකර ඇති අයගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 21 සිට ජනවාරි 31දක්වා ක්‍රියාත්මක කෙරේ.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *