ව්‍යාජ පොරොන්දු ලබා දෙමින් බලයට පත් වත්මන් රජය අද වන විට දූෂණ වංචාවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා අවධාරණය කරයි. බහලුම් වංචාව, ගල් අඟුරු සහ ඖෂධ ජාවාරම් මෙන්ම මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය හිතවතුන්ට ලබා දීම හරහා රජයේ නිරුවත හෙළි වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාව මුලාවෙන් මුදා ගැනීමේ “පච මදිවට හොරු – අනුරට බෑ” ජාතික වැඩපිළිවෙළ සමගි ජන බලවේගය විසින් රට පුරා ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කළේය. දිට්ඨා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා කළ පූර්ව අනතුරු ඇඟවීම් විහිළුවට ලක් කළ පාලකයන්ට අද වන විට ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට පත් කිරීම හැර වෙනත් විසඳුමක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.රටේ නායකයාට අවශ්‍ය පරිපාලන හෝ කළමනාකරණ හැකියාව වත්මන් ජනාධිපතිවරයා සතු නොවන බවත්, විධායකයේ අනුදැනුම මතම වංචා දූෂණ සිදුවන බවත් පාදුක්ක මහතා මෙහිදී චෝදනා කළේය. ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි අභියෝග ජයගත් නායකයන්ගේ චරිතාපදාන කියවා බලා හෝ පාලනය ඉගෙන ගන්නා ලෙස රජයට උපදෙස් දුන් ඔහු, විමල් වීරවංශ වැනි ප්‍රතික්ෂේපිත දේශපාලනඥයන්ගේ භූමිකාවන් ද දැඩි විවේචනයට ලක් කළේය. පොදු විපක්ෂයේ ඒකමතික පිළිගැනීම සජිත් ප්‍රේමදාස මහතා වෙත හිමිව ඇති අතර, මීළඟ රාජ්‍ය නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා ඔහු බවට සියලු පක්ෂ නායකයන් විශ්වාසය පළ කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.ගෝලීය දේශපාලනය සහ බලශක්ති අර්බුදය පිළිබඳ පුළුල් අධ්‍යයනයක නිරතව සිටින සජිත් ප්‍රේමදාස මහතා, ජාත්‍යන්තර සබඳතා භාවිත කරමින් රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය විද්‍යාත්මක සැලසුම් දැනටමත් සකස් කර ඇති බව පාදුක්ක මහතා පැවසීය. විශේෂයෙන් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ප්‍රේමදාස මහතා විශේෂ කමිටුවක් පවා පත් කළ බවත්, ඉරානය වැනි රටවල් සමඟ ගනුදෙනු කිරීමට පවතින ජාත්‍යන්තර බාධක ජය ගැනීමට වත්මන් රජයට කිසිදු දැක්මක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. “රට පාලනය කරන්න බැරිනම් එය සජිත්ට භාර දෙන්න” යනුවෙන් රජයට සෘජු අභියෝගයක් කළ ඔහු, ඕනෑම අර්බුදයක් භාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව සහතික කළේය.
























