ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනපතිගෙන් පැහැදිළි කිරීමක්

සර්වජන ඡන්ද බලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකාව සුවිශේෂී බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මෙම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට කැපවන බවත්, ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බියක් ඇතිකර නොගත යුතු බවත් අවධාරණය කරනු ලැබුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක්වෙමින්.

එමෙන්ම, කොතරම් වාද විවාද සිදු වුවද කිසිවිටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමට ඉඩ නොතැබූ බව පැවසූ ජනාධිපතිවරයා රටක් ලෙස ඒ පිළිබඳ ආඩම්බර විය යුතු බවද එහිදී සඳහන් කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *