ආණ්ඩුව ජනතාව අමතක කර සමාගම් රකින මාවතක – තිස්ස අත්තනායක චෝදනා කරයි

වර්තමාන රජය ජනතාවගේ අවශ්‍යතා ඉටුකරනවා වෙනුවට පෞද්ගලික සමාගම්වල ලාභය තහවුරු කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර විදුලි බිල 33% කින් අඩු කරන බවට පොරොන්දු වුවද, අද වන විට එය 40% කින් පමණ ඉහළ දමා මධ්‍යම පාන්තික ජනතාව දැඩි පීඩනයකට පත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයන්ගෙන් 70% කට වැඩි පිරිසකට මෙම මිල වැඩිකිරීම දරාගත නොහැකි වී ඇති අතර, මැතිවරණ සමයේ පොරොන්දු වූ “අවුරුදු තෑගි” වෙනුවට ජනතාවට ලැබී ඇත්තේ දැඩි ආර්ථික බරක් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.​විදුලි බල මණ්ඩලයේ පාඩුව ජනතාව පිට පැටවීම පිටුපස ජනාධිපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු බවත්, මෙම තීරණ ගෝලීය අර්බුද නිසා නොව පෞද්ගලික විදුලි බලාගාර හිමියන් සහ සමාගම් සතුටු කිරීම සඳහා ගත් පියවර බවත් අත්තනායක මහතා සඳහන් කරයි. බාල ගල් අඟුරු ලබාගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු මෙන්ම හදිසි කැබිනට් තීරණ හරහා ක්‍රියාත්මක කරන ටෙන්ඩර් පටිපාටි තුළ මහා පරිමාණ වංචාවක් සිදුවන බවට ඔහු සැක පළ කරයි. පොහොර ප්‍රශ්නය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අර්බුද නිර්මාණය වී ඇති මෙවන් වටපිටාවක, රජය ජනතාව වෙනුවෙන් නොව සමාගම් වෙනුවෙන් පෙනී සිටින බව ඔහුගේ අදහසයි.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *