ආණ්ඩුවට “සර්වජන බලයෙන්” දැඩි විවේචන: රටේ ආර්ථිකය සහ විදේශ ප්‍රතිපත්තිය අර්බුදයක?

වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ඩොලර් සංචිත වේගයෙන් පහළ යමින් පවතින බවත්, මෙය පාලනය කරගත නොහැකි “පෙර පාසල් ආණ්ඩුවක්” බවත් සර්වජන බලය සංවිධානය චෝදනා කරයි. කොළඹ නාගරික සංවිධායක ඒබ්‍රහම් කුරේෂ් මහතා පෙන්වා දෙන්නේ රුසියාව වැනි රටවල් සමඟ භාණ්ඩ හුවමාරු ක්‍රම (Barter system) හරහා තේ ලබා දී ඉන්ධන ලබාගැනීමට තිබූ අවස්ථාවන් රජය මගහැර ඇති බවයි. ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජනතාවට බොරු කියමින් තවමත් සුඛෝපභෝගී වාහන පරිහරණය කරන බවත්, විදේශීය ආර්ථික බලපෑම් හමුවේ මෙරට නායකත්වය අසරණ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.​එසේම, ජාත්‍යන්තරයෙන් ලැබෙන බව පැවසූ මූල්‍ය ආධාර පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් නොමැති අතර, රජය විදේශ ගිවිසුම් ජනතාවගෙන් සඟවන බවට මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා චෝදනා කරයි. ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව රජය කළ ප්‍රකාශ අසත්‍ය බවත්, මේ වන විට නැව් වාරයක් පාසා මුදල් ගෙවීමට සිදුවීමෙන් ආර්ථිකය තවදුරටත් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් මෙහිදී අනාවරණය විය. මීට අමතරව, පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සහ සුරේෂ් සලේ වැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ද ඔවුහු රජයට සිය විරෝධය පළ කර සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,070

Leave A Reply

Your email address will not be published. Required fields are marked *