’දිට්වා’ සුළි සුළඟින් මෙරට පාලම් පද්ධතියට සිදු වූ දැඩි හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය යටතේ තවත් බේලි පාලම් 10ක් අද (31) දින නැව්ගත කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජෙයිශ්වාල් මහතා සිය X (ට්විටර්) ගිණුම හරහා තහවුරු කළේ, ආපදාවෙන් පසු යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම මෙම ආධාරවල මූලික අරමුණ බවයි. පාලම් සහිත මෙම නැව් තොගය ඉතා ඉක්මනින් මෙරටට ළඟා වීමට නියමිතව ඇත.මෙම ප්‍රදානය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 450ක දැවැන්ත ආර්ථික පැකේජයේ තීරණාත්මක අදියරක් ලෙස සැලකේ. අසල්වැසි රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, හදිසි ආපදා තත්ත්වයන් මෙන්ම රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ද මෙම සහයෝගීතාවය දිගින් දිගටම ක්‍රියාත්මක වේ. විනාශයට පත් ප්‍රදේශවල ගමනාගමනය යළි ස්ථාපිත කිරීමේ කටයුතු සඳහා මෙම බේලි පාලම් බෙහෙවින් ඉවහල් වනු ඇත.


























