මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාව නඟා සිටුවීම වෙනුවෙන් හානියට පත් වූ ඔරු සහ දැල් සඳහා මූල්‍ය සහාය සහතිකපත් ප්රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් සහභාගී වූහ.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේ, පසුගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ සමස්ත හානිය සුනාමි ව්‍යසනයටත් වඩා බරපතළ බවයි. එවැනි අභියෝගාත්මක මොහොතක වුවද ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට රජය බැඳී සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.විපක්ෂය එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.”අපිට අත්දැකීම් නැහැ කියලා සමහරු කියනවා. හැබැයි අපි දශක ගණනාවක් ජනතාව එක්ක වැඩ කරලා අත්දැකීම් ලබාගත්ත පිරිසක්. මේ ජාතිකවාදී ආණ්ඩුව ජනතාව වෙනුවෙන් වැඩ කරන තාක්කල් මේක ලේසියෙන් හොල්ලන්න බැහැ. තව අවුරුදු 10ක් 15ක් යනකම් මේ ආණ්ඩුව හොල්ලන්න බැරි බව අපි ගමේ අයටත් කියන්න ඕනේ.”තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අගමැතිනිය ඉලක්ක කරගනිමින් විපක්ෂය සිදුකරන විවේචන පිළිකුල් සහගත බවත්, රටේ දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් නව අධ්‍යාපන ක්රමයෙහි යම් අඩුපාඩු පවතී නම් ඒවා නිවැරදි කරමින් ඉදිරියට යන බවත් සඳහන් කළේය. ජනාධිපතිවරයා යාපනය ඇතුළු රටේ සෑම තැනකම කරුණාව සහ ආදරය පතුරුවන විට, විපක්ෂය වෛරය වැපිරීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


























