පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 5,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, නිවාස 86,882 කට අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි. මේ වන විට දිස්ත්‍රික්ක 25 ක් පුරා පවුල් 529,741 කට අයත් පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට පත්ව ඇත. ගංවතුර, නාය යෑම් සහ වෙනත් කාලගුණික සිදුවීම් හේතුවෙන් මරණ 639 ක් වාර්තා වී ඇති බවත්, පුද්ගලයින් 203 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි. මේ අතර, අවතැන් වූ පවුල් 27,145 කට අයත් පුද්ගලයින් 86,040 දෙනෙකුට රැකවරණය සැපයීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන 878 ක් පිහිටුවා ඇත.


























